Friday, March 4, 2016

දේශපාලනය

මිනිසුන් පමනක් නොව බොහෝ සතුන් ද ජනපද හෝ කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට පුරුදු වී ඇත. මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ආහාර සොයා ගැනීම සහ ආරක්ෂාව සපයාගැනීම කණ්ඩායම් ජීවිතයේදී පහසු වීම විය හැක. නමුත් කන්ඩයම විශාල වීමේදී එකිනෙකාට තම තමන්ගේ අභිමතය පරිදි ජීවත් වීම අපහසු වේ. එම නිසා බොහෝ විට පොදු කටයුතු සම්බන්ධ තීරණ ගැනීම නායකයෙකු පත් කර ඔහු හරහා සිදු වනු දැකිය හැක. නායකයා පත් කරන ආකාරය එක් එක් සමාජය අනුව වෙනස් වේ. දඩයම් කරන සතුන් අතර නම් ශක්තිමත් ම සාමාජිකයා කණ්ඩායම් නායකයා ලෙස පත් වේ. මෙම පත් වීම බොහෝ විට සටනක ප්‍රතිඵලයක් විය හැක.නමුත් අප ජීවත් වන සමාජය තුල නායකයන් සහ පාලකයන් පත් කර ගැනීම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිපලයක් ලෙස සිදු වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ මිනිස් සමාජය විශාල වීම නිසා තනි පුද්ගලයෙකුගේ බලය විශාල පිරිසක් කෙරෙහි පැතිරවීමට නොහැකි වීමයි. මේ සඳහා දැන් ඇති ජනප්‍රියම ක්‍රමය නම් ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ඡන්දයකින් පාලනයට සුදුසු යැයි සිතන අයෙක් පත් කර ගැනීමයි. නමුත් හොඳ පාලකයෙක් ඡන්දයෙන් පත් වීමට නම් ඒ සඳහා නිවැරදි පුද්ගලයන් ඉදිරිපත් විය යුතුය. නමුත් අවාසනාවකට අප රටේ සිදු වී ඇත්තේ ඡන්දයට ඉදිරිපත් වන්නේ හැමදාම නොගැලපෙන අය පමණක් ඉදිරිපත් වීමයි. මේ නිසා අපට සිදුව ඇත්තේ වඩා අඩු නරක සහිත පාලකයෙක් ‍තෝරා පත් කරගැනීම පමණකි. මෙසේ ‍තෝරා පත්කරගන්නා පාලකයා කොතරම් වැරදි සහගත උවත් ඊළඟ ඡන්දය එන තෙක් ඔහු බලය රඳවා ගනී. ප්‍රජාතන්ත්‍රවාදය මනාව පැවතීමට නම් පාලකයා ඡන්දයට පෙර ඉදිරිපත් කල ඔහුගේ මතවාද සහ ප්‍රතිපත්ති මත පිහිටා රට පාලනය කළ යුතුය. නමුත් දැන් සිදු වන්නේ බලයට එන පාලක පක්ශය තමන්ට ආර්ථික සහ වෙනත් වාසි අත් වන අයුරින් රටෙහි ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කිරීමයි. තමන්ට ලබෙන පුද්ගලික ලාභ ප්‍රයෝජන හමුවේ පාලකයන්ට තමන් බලයට ආ මූලික හේතුව අමතක වන බවක් පෙනී යයි.

Wednesday, February 17, 2016

දේශීය තාක්ෂණය

ලාංකික අප නිතරම අපේ ඉපැරණි තාක්ෂණය ගැන කථා කරමු. ඒත් අප කුමක් හෝ මිලදී ගැනීමට ගිය විට අපේ රටේ නිශ්පාදනයක් මිල දී ගන්නවාද යන්න ටිකක් සිතා බලන්න. උදාහරනයක් විදියට සපත්තුවකට අපි ගෙවන මිල ගැන සිතා බලන්න. බොහෝ දෙනා අපේ රටේ නිශ්පාදිත දෙයකට වඩා වැඩි මිලක් ගෙවා ආනයනය කළ එකක් මිල දී ගැනීමට පෙලඹේ. මෙලෙස සිතින් පිට ර‍ටුන්ට වහල් වී සිටින ජාතියක් කවදා දියුනු වේ දැයි සිතිය හැකිද? මා මෙතරම් තාක්ෂනය ගැන කතා කරන්නේ මක් නිසා දැයි ඔබ සිතනු ඇත. මෙලොව දියුනු යැයි අප කියන සියලුම ජාතීන් එම තත්වයට පත් වී ඇත්තේ ඔවුන් තමන්ගේම කිවහැකි තාක්ෂණයක් දියුනු කර ගත් නිසාවෙනි. අපට දියුනු වීමට අවශ්ය නම් අපද කළ යුත්තේ එම අඩි පාරේ ගමන් කිරීමය.දියුනු රටවල් දෙස බැලූ විට ඒ හැම රටක් ම තමන්ටම අනන්්‍ය වූ ව්්‍යාපාර දියුනු කරගෙන සිටිති. මෙම ව්්‍යාපාර වලින් බහුතරය තාක්ෂණය හා බැඳුනු ව්්‍යාපාර වේ. ඔවුන් අකෙකුත් රටවල් වලට වඩා ඉදිරියෙන් සිටින්නේ එසේ දියුනු කරගත් තාක්ෂණය ආධාරයෙනි. තාක්ෂණය හා බැඳුනු සමහර ව්යාපර වල ලාභ ප්‍රතිශතය 500% ට වඩා ඉහල අගයක් ගනී. ශ්‍රී ලංකා රජයද දේශීය තාක්ෂණය දියුනු කිරීමට කියා දිගු කාලයක සිට වාර්ෂිකව විශාල මුදල් සම්භාරයන් වැය කරයි. නමුත් මෙම මුදලට වන්නේ කුමක් ද කියා වත් ඉන් අපේක්ෂිත දියුනුව අත් නොවන්නේ කුමක් නිසා දැයි කවුරුත් සොයා බලන්නේ නැත. මේම මුදල් වාර්ෂිකව National Engineering Research and Development Centre (NERD), රටේ තාක්ෂණික විශ්වවිද්යාල, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, National Research Council (NRC), National Science Foundation (NSF) වැනි ආයතන වලට යොමු කෙරේ. නමුත් මෙම ආයතන සියල්ලම මහජනතාවගේ මුදල් විනාශ කරන සුදු අලියන් ය. මේවායේ සිටින බොහොමයක් නිලධාරීන් තමන්ගේ ප්‍රධානම කාර්යය කරගෙන ඇත්තේ වැඩමුලු, ත්යාග ප්‍රදානෝත්සව, රැස්වීම් පැවැත්වීම ය. මොවුන්ගේ මෙම ක්‍රියාමර්ගය නිවැරදි යැයි මඳකට සිතමු. එසේ නම් රටේ තාක්ෂණය මේ වන විට දියුනු වෙමින් සහ රටේ සංවර්ධනයට දායක වෙමින් පැවතිය යුතුය. ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමට පුද්ගලයන්, ආයතන පත් කළ පමණින් තාක්ෂණය දියුනු වන්නේ නැත. ඒ සඳහා ඉදිරි දැක්මක් ඇති, ආයෝජන අවස්ථා හඳුනාගෙන ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයන් පත් කිරීම අවශ්ය වේ.

Tuesday, February 16, 2016

Intro

ශ්‍රී ලන්කාව යනු ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය යන දෙකම පවතින රටකි. නමුත් රටකට පැවතිය හැකි වන්නේ මේ දෙකින් එකක් පමනකි. ඒ නිසා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ද නැතිනම් සමාජවාදී ද යන්න තීරනය කිරීමට පාලකයාට නිදහස ඇත. අවාසනාවට අපේ පාලකයන් බදු අය කිරීමේදී ස්මාජවාදයද බලයට පැමිනිමට ප්‍රජාතන්ත්‍රවාදයද, බදු මුදල් තම ප්‍රයෝජනයට යොදා ගැනීමට ඒකාධිපතිවාදයද භාවිතා කරති.