Friday, March 4, 2016

දේශපාලනය

මිනිසුන් පමනක් නොව බොහෝ සතුන් ද ජනපද හෝ කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට පුරුදු වී ඇත. මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ආහාර සොයා ගැනීම සහ ආරක්ෂාව සපයාගැනීම කණ්ඩායම් ජීවිතයේදී පහසු වීම විය හැක. නමුත් කන්ඩයම විශාල වීමේදී එකිනෙකාට තම තමන්ගේ අභිමතය පරිදි ජීවත් වීම අපහසු වේ. එම නිසා බොහෝ විට පොදු කටයුතු සම්බන්ධ තීරණ ගැනීම නායකයෙකු පත් කර ඔහු හරහා සිදු වනු දැකිය හැක. නායකයා පත් කරන ආකාරය එක් එක් සමාජය අනුව වෙනස් වේ. දඩයම් කරන සතුන් අතර නම් ශක්තිමත් ම සාමාජිකයා කණ්ඩායම් නායකයා ලෙස පත් වේ. මෙම පත් වීම බොහෝ විට සටනක ප්‍රතිඵලයක් විය හැක.නමුත් අප ජීවත් වන සමාජය තුල නායකයන් සහ පාලකයන් පත් කර ගැනීම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිපලයක් ලෙස සිදු වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ මිනිස් සමාජය විශාල වීම නිසා තනි පුද්ගලයෙකුගේ බලය විශාල පිරිසක් කෙරෙහි පැතිරවීමට නොහැකි වීමයි. මේ සඳහා දැන් ඇති ජනප්‍රියම ක්‍රමය නම් ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ඡන්දයකින් පාලනයට සුදුසු යැයි සිතන අයෙක් පත් කර ගැනීමයි. නමුත් හොඳ පාලකයෙක් ඡන්දයෙන් පත් වීමට නම් ඒ සඳහා නිවැරදි පුද්ගලයන් ඉදිරිපත් විය යුතුය. නමුත් අවාසනාවකට අප රටේ සිදු වී ඇත්තේ ඡන්දයට ඉදිරිපත් වන්නේ හැමදාම නොගැලපෙන අය පමණක් ඉදිරිපත් වීමයි. මේ නිසා අපට සිදුව ඇත්තේ වඩා අඩු නරක සහිත පාලකයෙක් ‍තෝරා පත් කරගැනීම පමණකි. මෙසේ ‍තෝරා පත්කරගන්නා පාලකයා කොතරම් වැරදි සහගත උවත් ඊළඟ ඡන්දය එන තෙක් ඔහු බලය රඳවා ගනී. ප්‍රජාතන්ත්‍රවාදය මනාව පැවතීමට නම් පාලකයා ඡන්දයට පෙර ඉදිරිපත් කල ඔහුගේ මතවාද සහ ප්‍රතිපත්ති මත පිහිටා රට පාලනය කළ යුතුය. නමුත් දැන් සිදු වන්නේ බලයට එන පාලක පක්ශය තමන්ට ආර්ථික සහ වෙනත් වාසි අත් වන අයුරින් රටෙහි ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කිරීමයි. තමන්ට ලබෙන පුද්ගලික ලාභ ප්‍රයෝජන හමුවේ පාලකයන්ට තමන් බලයට ආ මූලික හේතුව අමතක වන බවක් පෙනී යයි.

No comments:

Post a Comment